Wednesday, July 15, 2020

MTL පැවරුම

 හැදින්වීම

සම්පත් පාදක අධ්‍යාපනය, තොරතුරු පාදක අධ්‍යාපනය, නිපුනතා පාදක අධ්‍යාපනය සහ ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම යන සංකල්ප ක්‍රියාත්මක කිරීම සදහා ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට අලුතින් හඳුන්වාදුන් දුන් විෂයමාලාවන්ට එකතු වූ දේ වේ.  මෙම සංකල්ප ක්‍රියාත්මක කිරීමේදී පැවරුම්, ක්‍රියාකාරකම්, පාසල් පාදක ඇගයීම් වැනි ක්‍රමවේද භාවිතා කරයි. සාර්ථක පංති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සිදු වීමට නම් ගුරුවරයා මේ පිළිබඳ දැනුවත් විය යුතු අතරම පරිපාලනය විසින් මේවා මනා සම්බන්ධීකරණයක් හා ඇගයීමක් සිදු කළ යුතුය. එම සම්බන්ධීකරණය හා ඇගයීම මත පාසලක ගුනාත්මක දර්ශකය ඉහල නංවා ගත හැකිය. මේ සඳහා ගුරුවරයා සහ පරිපාලකයා යන දෙදෙනාම නව දැනුමෙන් සන්නද්ධ විය යුතුය. ඒ සඳහා දෙදෙනාම අවශ්‍ය සුදුසුකම් සපුරා ගත යුතුය.

කොළඹ විශ්ව විද්‍යාලය මගින් පවත්වන MTL පාඨමාලාව හැදෑරීම මගින් විදුහල්පති වරයකු ලෙස සමස්ත විෂය මාලාව පිළිබඳ ගැඹුරින් හා පුළුල් ලෙස අවබෝධයක් ලබා ගතහැකි සේම පාසලක අධ්‍යාපන ඉලක්ක පිළිබඳව නිශ්චිත අවධානයකින් යුතුව කටයුතු කිරීමට හැකියාව ලැබේ. එමෙන්ම පුස්තකාල සම්පත් උපරිම ලෙස පරිහරණය කිරීම පිළිබඳ ගුරුවරු දැනුවත් කර යල් පැන ගිය අධ්‍යාපනික රටාවෙන් මිදී නවතාවයකින් යුතුව අධ්‍යානය සිසු දරු දැරියන්ට ලබාදීමට කටයුතු කිරීමටද මෙමගින් හැකියාව ලැබේ.

තවද මෙම පාඨමාලාව තුළදී තොරතුරු සාක්ෂරතාව පිළිබඳ පුළුල් දැනුමක් ලැබුනා සේම පරිඝනක භාවිතය, අන්තර්ජාලය හරහා තොරතුරු ගවේෂණය, තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා Blog නිර්මාණය ආදිය ගැන හොඳින් දැනුවත් වීමි.  මෙම පාඨමාලාව කරගෙන යන අතරතුරේදී Blog නිර්මාණය පිළිබඳ දැනුමක් නොතිබූ මට පියවරින් පියවර Blog නිර්මාණයට මා පෙළඹවූ පී.ජී. පේමදාස ඇදුරුතුමාටත් යූ.බී. අලහකෝන් ඇදුරුතුමාටත් ස්තුතිය පිරිනමමි. මෙම Blog නිර්මාණය පිළිබඳ ලබා ගත් දැනුම භාවිතා කර මේ දිනවල පවතින කොරෝනා වෛරස තත්වය හේතුවෙන් වැසීගිය පාසල් පද්ධති වල ගුරුවරුන්ට තම දුවා දරුවන්ට පැවරුම් හා ප්‍රශ්න පත්‍ර ලබා දීමට කටයුතු කිරීමට යොමුවිමී.

 එලෙසම මාගේ පාසලට එහි විවිධ කාර්යයන් හා දැනුවත් කිරීම් සඳහා නව Blog එකක් නිර්මාණය කරමින් පසුවන බවද පවසන්නේ සතුටිනි.

කේ. එස්. අබේරත්න.

MTL පාඨමාලාව.

කොළඹ විශ්ව විද්‍යාලය.

MTL/18/180.                  

MTL පැවරුම

  හැදින්වීම සම්පත් පාදක අධ්‍යාපනය, තොරතුරු පාදක අධ්‍යාපනය, නිපුනතා පාදක අධ්‍යාපනය සහ ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම යන සංකල්ප ක්‍රියාත්මක කිරීම ස...